1
00:00:08,400 --> 00:00:17,600
මේ වෙනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි 
තමන්ගේ ශරීරයේ බර වැඩි බව, නැත්නම් අධික තරබාරු 
බව .

2
00:00:17,700 --> 00:00:25,000
වර්තමානයේ අපි හුරුවෙලා තියෙන වැරදි ආහාර හා 
සෞඛ්‍ය පුරුදු නිසා ස්ථුලතාව කියන දේ විශාල 
සෞඛ්‍ය ගැටළුවක් වෙලා තියෙනවා.

3
00:00:25,100 --> 00:00:29,600
මොකද මේ ස්ථුලතාව එක්කම ගොඩක් බෝ නොවන රෝග 
සම්බන්ධ වෙන නිසා.

4
00:00:29,700 --> 00:00:37,800
අපි මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ ශරීරයේ බර 
අඩු කර ගන්න එහෙමත් නැත්නම් මහත් අඩු කර ගන්න 
ආයුර්වේදයට අනුව කරන්න පුළුවන් දේවල් ගැන.

5
00:00:39,000 --> 00:00:48,800
බටහිර වෛද්‍ය විද්‍යාව අනුව BMI එක භාවිතා 
කරලා අපිට අපේ ශරීරයේ ස්ථුලතාව ගැන අදහසක් 
ගන්න පුළුවන්. BMI එක හොයන විදිහ අපි description 
එකේ සඳහන් කරලා තියෙනවා.

6
00:00:51,100 --> 00:01:01,800
ශරීර බර අඩු කර ගැන්ම සම්බන්ධ තව වීඩියෝ ගෙන 
එන්න කලින් ඔයාලට ආරම්භයක් විදිහට කරන්න ඕනි 
දේවල්, හුරුවෙන්න ඕනි දේවල් තමා මේ වීඩියෝ 
එකෙන් කතා අද කතා කරන්නේ,

7
00:01:01,900 --> 00:01:14,100
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම බටහිර වෛද්‍ය 
විද්‍යාවේ සඳහන් කරුණු සලකා බැලුවම අපි උදැසන 
5-6 අතර කාලය තුළ අවධි වීම ඉතා සුදුසු වෙනවා.

8
00:01:14,200 --> 00:01:21,000
මේ වෙනකොට හොයාගෙන තියෙනවා රාත්‍රී නිදි වර්ජිතව 
ගත කිරීම හා ශරීරයේ බර වැඩි වීම අතර සම්බන්ධයක් 
තිබෙන බවට.

9
00:01:21,100 --> 00:01:29,700
ඉතින් වේලාසන නින්දට යෑමත් උදැසන අවදි වීමත් 
අපේ ශරීරයේ බර අඩු කර ගන්න අවශ්‍ය වෙනවා නම් 
 අපි මුලින්ම හුරු කර ගන්න ඕනි වෙනවා.

10
00:01:30,700 --> 00:01:42,300
ඉන් පස්සේ උදේ නැගිටලා මද රස්නහා සහිත වතුර 
වීදුරුවක් පානය කිරීම සිදු කිරීම සුදුසුයි. 
මේ වතුර වීදුරුවට ලෙමන් යුෂ ස්වල්පයකුත් එකතු 
කර ගන්න පුළුවන් නම් හොඳයි.

11
00:01:43,700 --> 00:01:54,600
ඊට පස්සේ විනාඩි 20 විතර කාලයක්වත් යෝගා අභ්‍යාස 
කිරීමට පුහුණු වීම සුදුසු වෙනවා. ඉතින් ආරම්භයක් 
ලෙස අපිට සුර්ය නමස්කාරය පුහුණු කරන්න පුළුවන්.

12
00:01:54,700 --> 00:01:58,100
ඊට පස්සේ ටිකෙන් ටික විවිධ විශේෂිත වූ  ආසන 
දක්වා මේ යෝග අභ්‍යාස වැඩි දියුණු කරන්න පුළුවන්.

13
00:01:58,200 --> 00:02:06,400
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා වගේම 
මේ වෙද්දී බටහිර වෛද්‍ය විද්‍යාවත් විවිධ පරීක්ෂණ 
වලින් සොයාගෙන තියෙනවා මේ යෝග අභ්‍යාස වලට 
ශරීරිය වගේම මනසත් සැහැල්ලු කරන්න පුළුවන් 
කියන එක.

14
00:02:06,500 --> 00:02:12,000
ඉතින් මේවා පුහුණු කරන විදිහ තියෙන වීඩියෝ 
ඕනෑ තරම් සොයා ගන්න පුළුවන්.

15
00:02:12,100 --> 00:02:28,100
මුලින්ම කරද්දී මහන්සි වෙන පළමු අවස්ථාවේම 
අභ්‍යාසය නතර කරන්න මතක තියා ගන්න. ඒ වගේම 
ඔයාට වෙනත් ලෙඩ තියෙනවා නම් ඖෂධ භාවිතා කරනවා 
නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් දැනුවත් කිරීම සුදුසු 
වෙනවා.

16
00:02:29,500 --> 00:02:36,300
ශරීර බර අඩු කර ගන්න ඉන්න ඔයාලා ඊළඟට අවධානය 
දෙන්න ඕනි ඔයාලගේ ප්‍රධාන ආහාර වේල් 3 සම්බන්ධව. 
විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්න ඕනි දිවා ආහාරයට 
විතරමයි.

17
00:02:36,400 --> 00:02:46,200
රාත්‍රී අහාර වේල අනිවාර්යෙන් ඉතා සැහැල්ලු 
වෙන්න ඕනි. මේ සියලු ආහාර තෙල් සහ අධික පනිරසෙන් 
තොර ස්වභාවික දේවල් වලින් සමන්විත වෙන්න ඕනි.

18
00:02:47,400 --> 00:02:54,300
ඇත්තටම බර අඩු කර ගන්න ඕනි නම් ප්‍රධාන වේල් 
තුනට අමතරව කිසිදු ආහාරයක් නොගෙන ඉන්න මතක 
තියා ගන්න ඕනි.

19
00:02:54,400 --> 00:03:05,300
ඒ කියන්නේ අපි උදේ 10-11 අතර තේ එක්ක බිස්කට් 
හෝ වෙන මොනවා හරි කනවා නම් හවසට තව දෙයක් ආහාරයට 
ගන්නවා නම් ඒ හැමදේම නවත්වන්න ඕනි.

20
00:03:06,100 --> 00:03:13,300
අතුරුපස ගන්නවා නම් පලතුරුම විතරක් ආහාරයට 
ගන්න. රාත්‍රී 7 විතර වෙද්දී රාත්‍රී ආහාරය 
ගන්න මතක තියා ගන්න.

21
00:03:13,400 --> 00:03:18,100
7 න් පස්සේ කිසිම කෑමක් ගන්න එපා ඔයාට ඔයාගේ 
බර අඩු කර ගන්න ඕනි නම්.

22
00:03:19,200 --> 00:03:35,100
යෝග අභ්‍යාස වලට අමතරව සතියට අවම දවස් තුනක්වත් 
ව්‍යායාම කරන්න හුරුවෙන්න. ආයුර්වේදයේ දක්වලා 
තියෙන විදිහට උදැසන 6-10 අතර ව්‍යායාම කරන්න 
සුදුසුම කාලය වෙනවා.

23
00:03:35,700 --> 00:03:40,900
ඉතින් මේ ව්‍යායාම සිද්ද කරනකොටත් අපි යෝගා 
අභ්‍යාස වල දී කියුව දේවල් සැලකිල්ලට අරන් 
කරන්න කියලා මතක් කරනවා.

24
00:03:42,200 --> 00:03:46,200
මේ වගේම බර අඩු කර ගන්න අවශ්‍ය නම් අපි දවස 
ගත කරණ විදිහ අලුතෙන් පුරුදු කර ගන්න වෙනවා.

25
00:03:47,700 --> 00:03:52,700
සාමාන්‍යයෙන් රාත්‍රී 10 වෙනකොට නින්දට යන්නත් 
උදැසන 5-6 අතර අවදි වෙන්නත් පුරුදු කර ගත යුතු 
වෙනවා.

26
00:03:54,900 --> 00:04:04,300
ඒ වගේම තමා අපි ප්‍රධාන ආහාර වේල් තුන ගන්න 
නිශ්චිත වෙලාවක් වෙන් කර ගෙන හැමදාම ඒ වෙලාවට 
ආහාර ගැනීමට පුරුද්දක් ඇති කර ගැනීම අවශ්‍ය 
වෙනවා.

27
00:04:04,400 --> 00:04:07,800
කිසිම අවස්ථාවක උදැසන කෑම වේල මඟ හරින්න එපා.

28
00:04:11,200 --> 00:04:20,700
ඉතින් මේ දේවල් එක්කම ඔයාලට පුළුවන් ආයුර්වේද 
වෛද්‍යවරයෙක් මුණගැහිලා ඔයාලගේ ශරීර ස්වභාවය 
අනුව අවශ්‍ය නම් අතිරේක ස්වභාවික ඖෂධ ලබා ගන්නත්,

29
00:04:21,500 --> 00:04:25,700
ඉතින් ශරීර බර අඩු කරන්න පුළුවන් තවත් ක්‍රම 
අපි ඉදිරියේ දී ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

30
00:04:25,800 --> 00:04:29,600
ඉතින් ඔයාටත් ඇත්තටම බර අඩු කර ගන්න ඕනි නම් 
මේ දේවල් අමාරුවෙන් වුනත් හුරු කර ගන්න උත්සහ 
කරන්න.

