Information

Ayurveda Tips for Weight loss with Sinhala subtitles

Basic shortcuts

Ctrl + SSave subtitles
Ctrl + click
Double click
Edit highlighted caption
TabEdit next caption
Shift + TabEdit previous caption
EscLeave edit mode
Ctrl + SpacePlay / pause video
Ctrl + HomePlay selected caption
Ctrl + EnterSplit caption at cursor position
at current time

Advanced shortcuts

Ctrl + InsertAdd new caption
Ctrl + DeleteDelete selected caption
Ctrl + IEdit currently played segment
Shift + EnterNew line when editing
Ctrl + LeftPlay from -1s
Ctrl + RightPlay from +1s
Alt + LeftShift caption start time -0.1s
Alt + RightShift caption start time +0.1s
Alt + DownShift caption end time -0.1s
Alt + UpShift caption end time +0.1s

Annotation shortcuts

Ctrl + 1Hesitation
Ctrl + 2Speaker noise
Ctrl + 3Background noise
Ctrl + 4Unknown word
Ctrl + 5Wrong segment
Ctrl + 6Crosstalk segment
You are in the read-only mode. Close
00:08.4
00:17.6
මේ වෙනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි තමන්ගේ ශරීරයේ බර වැඩි බව, නැත්නම් අධික තරබාරු බව .
00:17.7
00:25.0
වර්තමානයේ අපි හුරුවෙලා තියෙන වැරදි ආහාර හා සෞඛ්‍ය පුරුදු නිසා ස්ථුලතාව කියන දේ විශාල සෞඛ්‍ය ගැටළුවක් වෙලා තියෙනවා.
00:25.1
00:29.6
මොකද මේ ස්ථුලතාව එක්කම ගොඩක් බෝ නොවන රෝග සම්බන්ධ වෙන නිසා.
00:29.7
00:37.8
අපි මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ ශරීරයේ බර අඩු කර ගන්න එහෙමත් නැත්නම් මහත් අඩු කර ගන්න ආයුර්වේදයට අනුව කරන්න පුළුවන් දේවල් ගැන.
00:39.0
00:48.8
බටහිර වෛද්‍ය විද්‍යාව අනුව BMI එක භාවිතා කරලා අපිට අපේ ශරීරයේ ස්ථුලතාව ගැන අදහසක් ගන්න පුළුවන්. BMI එක හොයන විදිහ අපි description එකේ සඳහන් කරලා තියෙනවා.
00:51.1
01:01.8
ශරීර බර අඩු කර ගැන්ම සම්බන්ධ තව වීඩියෝ ගෙන එන්න කලින් ඔයාලට ආරම්භයක් විදිහට කරන්න ඕනි දේවල්, හුරුවෙන්න ඕනි දේවල් තමා මේ වීඩියෝ එකෙන් කතා අද කතා කරන්නේ,
01:01.9
01:14.1
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරුණු සලකා බැලුවම අපි උදැසන 5-6 අතර කාලය තුළ අවධි වීම ඉතා සුදුසු වෙනවා.
01:14.2
01:21.0
මේ වෙනකොට හොයාගෙන තියෙනවා රාත්‍රී නිදි වර්ජිතව ගත කිරීම හා ශරීරයේ බර වැඩි වීම අතර සම්බන්ධයක් තිබෙන බවට.
01:21.1
01:29.7
ඉතින් වේලාසන නින්දට යෑමත් උදැසන අවදි වීමත් අපේ ශරීරයේ බර අඩු කර ගන්න අවශ්‍ය වෙනවා නම් අපි මුලින්ම හුරු කර ගන්න ඕනි වෙනවා.
01:30.7
01:42.3
ඉන් පස්සේ උදේ නැගිටලා මද රස්නහා සහිත වතුර වීදුරුවක් පානය කිරීම සිදු කිරීම සුදුසුයි. මේ වතුර වීදුරුවට ලෙමන් යුෂ ස්වල්පයකුත් එකතු කර ගන්න පුළුවන් නම් හොඳයි.
01:43.7
01:54.6
ඊට පස්සේ විනාඩි 20 විතර කාලයක්වත් යෝගා අභ්‍යාස කිරීමට පුහුණු වීම සුදුසු වෙනවා. ඉතින් ආරම්භයක් ලෙස අපිට සුර්ය නමස්කාරය පුහුණු කරන්න පුළුවන්.
01:54.7
01:58.1
ඊට පස්සේ ටිකෙන් ටික විවිධ විශේෂිත වූ ආසන දක්වා මේ යෝග අභ්‍යාස වැඩි දියුණු කරන්න පුළුවන්.
01:58.2
02:06.4
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා වගේම මේ වෙද්දී බටහිර වෛද්‍ය විද්‍යාවත් විවිධ පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා මේ යෝග අභ්‍යාස වලට ශරීරිය වගේම මනසත් සැහැල්ලු කරන්න පුළුවන් කියන එක.
02:06.5
02:12.0
ඉතින් මේවා පුහුණු කරන විදිහ තියෙන වීඩියෝ ඕනෑ තරම් සොයා ගන්න පුළුවන්.
02:12.1
02:28.1
මුලින්ම කරද්දී මහන්සි වෙන පළමු අවස්ථාවේම අභ්‍යාසය නතර කරන්න මතක තියා ගන්න. ඒ වගේම ඔයාට වෙනත් ලෙඩ තියෙනවා නම් ඖෂධ භාවිතා කරනවා නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් දැනුවත් කිරීම සුදුසු වෙනවා.
02:29.5
02:36.3
ශරීර බර අඩු කර ගන්න ඉන්න ඔයාලා ඊළඟට අවධානය දෙන්න ඕනි ඔයාලගේ ප්‍රධාන ආහාර වේල් 3 සම්බන්ධව. විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්න ඕනි දිවා ආහාරයට විතරමයි.
02:36.4
02:46.2
රාත්‍රී අහාර වේල අනිවාර්යෙන් ඉතා සැහැල්ලු වෙන්න ඕනි. මේ සියලු ආහාර තෙල් සහ අධික පනිරසෙන් තොර ස්වභාවික දේවල් වලින් සමන්විත වෙන්න ඕනි.
02:47.4
02:54.3
ඇත්තටම බර අඩු කර ගන්න ඕනි නම් ප්‍රධාන වේල් තුනට අමතරව කිසිදු ආහාරයක් නොගෙන ඉන්න මතක තියා ගන්න ඕනි.
02:54.4
03:05.3
ඒ කියන්නේ අපි උදේ 10-11 අතර තේ එක්ක බිස්කට් හෝ වෙන මොනවා හරි කනවා නම් හවසට තව දෙයක් ආහාරයට ගන්නවා නම් ඒ හැමදේම නවත්වන්න ඕනි.
03:06.1
03:13.3
අතුරුපස ගන්නවා නම් පලතුරුම විතරක් ආහාරයට ගන්න. රාත්‍රී 7 විතර වෙද්දී රාත්‍රී ආහාරය ගන්න මතක තියා ගන්න.
03:13.4
03:18.1
7 න් පස්සේ කිසිම කෑමක් ගන්න එපා ඔයාට ඔයාගේ බර අඩු කර ගන්න ඕනි නම්.
03:19.2
03:35.1
යෝග අභ්‍යාස වලට අමතරව සතියට අවම දවස් තුනක්වත් ව්‍යායාම කරන්න හුරුවෙන්න. ආයුර්වේදයේ දක්වලා තියෙන විදිහට උදැසන 6-10 අතර ව්‍යායාම කරන්න සුදුසුම කාලය වෙනවා.
03:35.7
03:40.9
ඉතින් මේ ව්‍යායාම සිද්ද කරනකොටත් අපි යෝගා අභ්‍යාස වල දී කියුව දේවල් සැලකිල්ලට අරන් කරන්න කියලා මතක් කරනවා.
03:42.2
03:46.2
මේ වගේම බර අඩු කර ගන්න අවශ්‍ය නම් අපි දවස ගත කරණ විදිහ අලුතෙන් පුරුදු කර ගන්න වෙනවා.
03:47.7
03:52.7
සාමාන්‍යයෙන් රාත්‍රී 10 වෙනකොට නින්දට යන්නත් උදැසන 5-6 අතර අවදි වෙන්නත් පුරුදු කර ගත යුතු වෙනවා.
03:54.9
04:04.3
ඒ වගේම තමා අපි ප්‍රධාන ආහාර වේල් තුන ගන්න නිශ්චිත වෙලාවක් වෙන් කර ගෙන හැමදාම ඒ වෙලාවට ආහාර ගැනීමට පුරුද්දක් ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා.
04:04.4
04:07.8
කිසිම අවස්ථාවක උදැසන කෑම වේල මඟ හරින්න එපා.
04:11.2
04:20.7
ඉතින් මේ දේවල් එක්කම ඔයාලට පුළුවන් ආයුර්වේද වෛද්‍යවරයෙක් මුණගැහිලා ඔයාලගේ ශරීර ස්වභාවය අනුව අවශ්‍ය නම් අතිරේක ස්වභාවික ඖෂධ ලබා ගන්නත්,
04:21.5
04:25.7
ඉතින් ශරීර බර අඩු කරන්න පුළුවන් තවත් ක්‍රම අපි ඉදිරියේ දී ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
04:25.8
04:29.6
ඉතින් ඔයාටත් ඇත්තටම බර අඩු කර ගන්න ඕනි නම් මේ දේවල් අමාරුවෙන් වුනත් හුරු කර ගන්න උත්සහ කරන්න.