1
00:00:11,100 --> 00:00:15,700
තරබාරු බව වගේම මේ වෙනකොට කොණ්ඩය හැලීම ද බොහෝ 
දෙනාට ගැටළුවක් වෙලා තියෙන තත්වයක්.

2
00:00:16,900 --> 00:00:25,600
වර්තමානයේ තියෙන වැරදි පුරුදු, පාරිසරික සාධක, 
පෝෂණයක් රහිත කෘතීම ආහාර, මානසික ආතතිය වැනි 
දේ නිසා හිසකෙස් හැලීම බහුලව දැක ගන්න පුළුවන්.

3
00:00:25,700 --> 00:00:31,700
සාමාන්‍යයෙන් දිනකට කෙස් 100 පමණ වැටීම ස්වභාවික 
සංසිද්ධියක් වෙනවා. එය අපේ ඇසට ඒ තරම් දැනෙන 
ප්‍රමාණයක් වෙන්නේ නැ.

4
00:00:31,800 --> 00:00:45,200
ඒ උනත් පනාවේ විශාල ලෙස හිසකෙස් තිබීම,හිස 
පීරන විට විශාල ලෙස හිස කෙස් වැටීම, ඇඳුම් 
වල හිසකෙස් පැවතීම,ස්නානය කරණ විට හිසකෙස් 
බහුලව වැටි තිබීම ආදිය හිසකෙස් වැටෙන පුද්ගලයෙකුට 
නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.

5
00:00:46,400 --> 00:00:57,400
මෙය පරික්ෂ කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තියෙනවා. 
ඒ තමයි හිසකෙස් අතරින් ඇඟිලි යවලා, හෙමින් 
අඳින්න, ඔයාගේ ඇඟිලි අතැර හිසකෙස් කිහිපයක් 
පවතින එක සාමාන්‍ය දෙයක් වෙනවා.

6
00:00:57,500 --> 00:01:06,400
ඒ වුනාට ඔයාගේ ඇඟිලි අතර සැලකිය යුතු තරම් 
හිසකෙස් තියෙනවා නම් හිසකෙස් ගැලවී යෑමට ලක් 
වෙලා කියලා නිගමනය කරන්න පුළුවන්.

7
00:01:07,500 --> 00:01:14,100
කොහොම උනත් වයස අවුරුදු 50 දක්වා වෙන පිරිමින්ගෙන් 
80% පමණ මේ වෙනකොට හිසකෙස් සිහින් වීමට මුහුණ 
දෙමින් සිටිනවා.

8
00:01:14,200 --> 00:01:19,100
ඒ වගේම කාන්තාවන් සිව්දෙනෙක් ගෙන් එක් අයෙකුම 
හිසකෙස් ගැලවී යෑමට මුහුණ දෙනවා.

9
00:01:19,200 --> 00:01:27,500
විවිධ රෝග තත්ත්ව හිසකෙස් වල පෝෂණයට අහිතකර 
ලෙස බලපාන අවස්ථා තිබෙනවා. ඒ වගේම විටමින් 
උණතාව හිසකෙස් ගැලවී යෑමට ප්‍රධාන හේතුවක් 
වෙනවා.

10
00:01:27,600 --> 00:01:33,300
ඒ වගේම යකඩ හිඟ වීම නිසා ඇතිවන ඇනිමියා තත්ත්ව 
වල දී හා අහාර ජිරණයේ ගැටළු නිසාත් හිසකෙස් 
ගලවෙලා යන්න පුළුවන්.

11
00:01:33,400 --> 00:01:40,700
පරිසර දුෂණය,විකිරණ,රසායනික ද්‍රව්‍ය,මත්පැන්,දුම්වැටි 
වැනි ඒවාද හිසකෙස් ගැලවී යෑමට හේතු වෙනවා.

12
00:01:42,200 --> 00:01:50,400
මත්පැන් හා දුම්වැටි නිසා කුඩා රුධිර නාල වලට 
හානිවීම සිදු වෙනවා, ඒ නිසා කෙස් ගසට පෝෂණය 
සැපයීමට බාධා ඇති වෙන්න පුළුවන්.

13
00:01:50,500 --> 00:01:58,000
මිට අමතරව විවිධ ෂැම්පු වර්ග,කොණ්ඩය ස්ට්‍රේට් 
කිරීම,කර්ල් කිරීම හා පාට කිරීම වැනි දේවල් 
ද හිසකෙස් වැටීමට හේතු වෙන්න පුළුවන්.

14
00:01:59,400 --> 00:02:04,400
ආයුර්වේදයට අනුව හිසකෙස් වැටීම ප්‍රධාන ලෙස 
පිත දෝෂයේ අසමතුලිතතාවක් නිසා ඇතිවන බව සලකන්න 
පුළුවන්.

15
00:02:04,500 --> 00:02:14,100
ඒ නිසා ඔයා හිසකෙස් වැටීමට ප්‍රතිකාර ගන්න 
ඉන්නවා නම් අදම අධික දැවිල්ල සහිත,අධික තෙල් 
සහිත ,අධික ඇඹුල් හා ලුණු සහිත කෑම වර්ග ආහාරයට 
ගැනීම නවත්වන්න.

16
00:02:14,200 --> 00:02:19,100
වර්තමානයේ ජිවන රටාව ගොඩක් කාර්යබහුල වීම, 
ආතතිය වැඩිවීම හිසකෙස් වැටීමට හේතුවෙනවා.

17
00:02:19,200 --> 00:02:24,900
ඒ නිසා ශරීරය වගේම මනස සැහැල්ලු වෙන යෝගා සිදු 
කිරීම සුදුසු වෙනවා.

18
00:02:27,300 --> 00:02:33,300
පිපිඤ්ඤා,අල,හාතාවාරිය(asparagus),වට්ටක්කා,යෝගට් 
වැනි දේ ආහාරයට ගැනීම ගුණදායක වෙනවා.

19
00:02:33,400 --> 00:02:41,100
අධික සීත දේවල් ආහාරයට ගැනීම ආහාර ජීර්ණයට 
බාධාවක් වෙන්න පුළුවන් නිසා අධික ශීතලෙන් ආහාර 
ගැනීම සුදුසු වන්නේ නැ.

20
00:02:43,200 --> 00:02:50,400
පිරිසිදු පොල්තෙල්,ආමන්ඩ්,තලතෙල් ආදිය හිසට 
දමා සාමාන්‍ය සම්භාහනයක් ලබා දීම හිසකෙස් හැලීමට 
එරෙහිව ගුණදායක වනවා.

21
00:02:51,100 --> 00:02:55,300
මෙම සම්භාහන සිදු කිරීමේ දී තෙල් හොඳින් හිසමත(scalp) 
රැදෙන ලෙස සිදු කරන්න අවශ්‍ය වෙනවා.

22
00:02:55,400 --> 00:03:02,900
තෙල් ගැල්වීමෙන් පස්සේ කෘතීම ෂැම්පු වර්ග වෙනුවට 
ආයුර්වේදානුකුලව නිපදවූ ෂැම්පු එකක් භාවිතා 
කරලා හිස සේදීම සිදු කිරීම සුදුසු වෙනවා.

23
00:03:03,800 --> 00:03:10,400
ඉන්පසු කොණ්ඩය ස්වාභාවිකවම වේලීමට හැකියි. 
 තෙත සහිත කොණ්ඩය පිරනවා අදම ඒ පුරුද්දෙන් 
මිදෙන්න

24
00:03:11,000 --> 00:03:17,200
කොණ්ඩය සෝදා හැරීමෙන් පසු කුඩා රෙදි කැබැල්ලකින් 
හිසේ සම රෝස පැහැ වන තෙක් පිසදමන්න.

25
00:03:17,300 --> 00:03:29,100
ඉන්පසු කපු රෙදි කැබැල්ලකින් වතුර බින්දු වැටීම 
නවතින තෙක් පිසදමන්න. පසුව සම්පුර්ණ වේලීම 
සඳහා කොණ්ඩය තවත් කපු රෙදි කැබැල්ලකින් ඔතා 
බැඳ තබන්න.

26
00:03:31,000 --> 00:03:34,300
ඉන්පසු කොණ්ඩය පිරිම ඉතා මෘදුව, දීමකින් තොරව 
සිද්ද කරන්න ඕනි,

27
00:03:36,100 --> 00:03:46,300
කොණ්ඩය පීරන විට නළලේ සිට මුදුනටත්, එක් කනක 
සිට අනෙක් කන දක්වාත්, පිටුපස සිට හිස් මුදුන 
දක්වාත් හිසකෙස් මෘදු වන තෙක් සිදු කරන්න.

28
00:03:47,900 --> 00:03:58,400
හිසකෙස් වැටීම පාලනයට සුදුසු ද්‍රව්‍ය වන නෙල්ලි 
වැනි දෑ අඩංගු තෙල්,ෂැම්පු,ආලේපන මේ වන විට 
පවතිනවා.

29
00:03:58,500 --> 00:04:10,000
නෙල්ලි ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරනවා. 
එය හිස්කබල,හිසකෙස්,සම පිරිසිදු කරනවා වගේම 
හිසකෙස් ශක්තිමත් පැටලුම් ස්වභාවය නැති කිරීමත් 
සිදු කරනවා.

30
00:04:11,000 --> 00:04:14,800
සුදුරු බිජ(Fenugreek seeds) හිසකෙස් වැටීම 
පාලනයට ඉතා හොඳින් ක්‍රියාකරනවා.

31
00:04:18,100 --> 00:04:23,900
එක් රාත්‍රියක් සිසිල් ජලයේ පෙඟ වූ සුදුරු 
බිජ මේස හැඳි දෙකක පමණ ප්‍රමාණයක් මඟින් පේස්ට් 
එකක් හදලා,

32
00:04:24,000 --> 00:04:34,400
මේස හන්දක ප්‍රමාණය ලෙමන් හෝ පොල් කිරි එකතු 
කරලා විනාඩි 20 කාලයක් හිසකෙස් මුල් මත තැබීමට 
හරින්න.

33
00:04:35,200 --> 00:04:37,800
ඉන්පසු අයුර්වේදනුකුලව නිපදවන ලද ෂැම්පු  වර්ගයකින් 
සෝදා හරින්න.

34
00:04:37,900 --> 00:04:42,700
මෙය භාවිතයට පෙර කන පිටුපස කුඩා ප්‍රමාණයක් 
ආලේප කර සම මඟින් ප්‍රතික්‍රියාවක් දක්වනවා 
ද යන්න පරික්ෂා කර බැලීමට හැකියි.

35
00:04:44,200 --> 00:04:53,300
ඉතින් මේ වීඩියෝව වගේම ඉදිරි වීඩියෝ වල දී 
වඩාත් කළු හා ඝන කොණ්ඩයක් ලබා ගැනීමට සිදු 
කරන්න ඕනි දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න අපි 
බලාපොරොත්තු වෙනවා.

