Information

Ayurvedic Solutions for Hair loss

Basic shortcuts

Ctrl + SSave subtitles
Ctrl + click
Double click
Edit highlighted caption
TabEdit next caption
Shift + TabEdit previous caption
EscLeave edit mode
Ctrl + SpacePlay / pause video
Ctrl + HomePlay selected caption
Ctrl + EnterSplit caption at cursor position
at current time

Advanced shortcuts

Ctrl + InsertAdd new caption
Ctrl + DeleteDelete selected caption
Ctrl + IEdit currently played segment
Shift + EnterNew line when editing
Ctrl + LeftPlay from -1s
Ctrl + RightPlay from +1s
Alt + LeftShift caption start time -0.1s
Alt + RightShift caption start time +0.1s
Alt + DownShift caption end time -0.1s
Alt + UpShift caption end time +0.1s

Annotation shortcuts

Ctrl + 1Hesitation
Ctrl + 2Speaker noise
Ctrl + 3Background noise
Ctrl + 4Unknown word
Ctrl + 5Wrong segment
Ctrl + 6Crosstalk segment
You are in the read-only mode. Close
00:11.1
00:15.7
තරබාරු බව වගේම මේ වෙනකොට කොණ්ඩය හැලීම ද බොහෝ දෙනාට ගැටළුවක් වෙලා තියෙන තත්වයක්.
00:16.9
00:25.6
වර්තමානයේ තියෙන වැරදි පුරුදු, පාරිසරික සාධක, පෝෂණයක් රහිත කෘතීම ආහාර, මානසික ආතතිය වැනි දේ නිසා හිසකෙස් හැලීම බහුලව දැක ගන්න පුළුවන්.
00:25.7
00:31.7
සාමාන්‍යයෙන් දිනකට කෙස් 100 පමණ වැටීම ස්වභාවික සංසිද්ධියක් වෙනවා. එය අපේ ඇසට ඒ තරම් දැනෙන ප්‍රමාණයක් වෙන්නේ නැ.
00:31.8
00:45.2
ඒ උනත් පනාවේ විශාල ලෙස හිසකෙස් තිබීම,හිස පීරන විට විශාල ලෙස හිස කෙස් වැටීම, ඇඳුම් වල හිසකෙස් පැවතීම,ස්නානය කරණ විට හිසකෙස් බහුලව වැටි තිබීම ආදිය හිසකෙස් වැටෙන පුද්ගලයෙකුට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.
00:46.4
00:57.4
මෙය පරික්ෂ කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හිසකෙස් අතරින් ඇඟිලි යවලා, හෙමින් අඳින්න, ඔයාගේ ඇඟිලි අතැර හිසකෙස් කිහිපයක් පවතින එක සාමාන්‍ය දෙයක් වෙනවා.
00:57.5
01:06.4
ඒ වුනාට ඔයාගේ ඇඟිලි අතර සැලකිය යුතු තරම් හිසකෙස් තියෙනවා නම් හිසකෙස් ගැලවී යෑමට ලක් වෙලා කියලා නිගමනය කරන්න පුළුවන්.
01:07.5
01:14.1
කොහොම උනත් වයස අවුරුදු 50 දක්වා වෙන පිරිමින්ගෙන් 80% පමණ මේ වෙනකොට හිසකෙස් සිහින් වීමට මුහුණ දෙමින් සිටිනවා.
01:14.2
01:19.1
ඒ වගේම කාන්තාවන් සිව්දෙනෙක් ගෙන් එක් අයෙකුම හිසකෙස් ගැලවී යෑමට මුහුණ දෙනවා.
01:19.2
01:27.5
විවිධ රෝග තත්ත්ව හිසකෙස් වල පෝෂණයට අහිතකර ලෙස බලපාන අවස්ථා තිබෙනවා. ඒ වගේම විටමින් උණතාව හිසකෙස් ගැලවී යෑමට ප්‍රධාන හේතුවක් වෙනවා.
01:27.6
01:33.3
ඒ වගේම යකඩ හිඟ වීම නිසා ඇතිවන ඇනිමියා තත්ත්ව වල දී හා අහාර ජිරණයේ ගැටළු නිසාත් හිසකෙස් ගලවෙලා යන්න පුළුවන්.
01:33.4
01:40.7
පරිසර දුෂණය,විකිරණ,රසායනික ද්‍රව්‍ය,මත්පැන්,දුම්වැටි වැනි ඒවාද හිසකෙස් ගැලවී යෑමට හේතු වෙනවා.
01:42.2
01:50.4
මත්පැන් හා දුම්වැටි නිසා කුඩා රුධිර නාල වලට හානිවීම සිදු වෙනවා, ඒ නිසා කෙස් ගසට පෝෂණය සැපයීමට බාධා ඇති වෙන්න පුළුවන්.
01:50.5
01:58.0
මිට අමතරව විවිධ ෂැම්පු වර්ග,කොණ්ඩය ස්ට්‍රේට් කිරීම,කර්ල් කිරීම හා පාට කිරීම වැනි දේවල් ද හිසකෙස් වැටීමට හේතු වෙන්න පුළුවන්.
01:59.4
02:04.4
ආයුර්වේදයට අනුව හිසකෙස් වැටීම ප්‍රධාන ලෙස පිත දෝෂයේ අසමතුලිතතාවක් නිසා ඇතිවන බව සලකන්න පුළුවන්.
02:04.5
02:14.1
ඒ නිසා ඔයා හිසකෙස් වැටීමට ප්‍රතිකාර ගන්න ඉන්නවා නම් අදම අධික දැවිල්ල සහිත,අධික තෙල් සහිත ,අධික ඇඹුල් හා ලුණු සහිත කෑම වර්ග ආහාරයට ගැනීම නවත්වන්න.
02:14.2
02:19.1
වර්තමානයේ ජිවන රටාව ගොඩක් කාර්යබහුල වීම, ආතතිය වැඩිවීම හිසකෙස් වැටීමට හේතුවෙනවා.
02:19.2
02:24.9
ඒ නිසා ශරීරය වගේම මනස සැහැල්ලු වෙන යෝගා සිදු කිරීම සුදුසු වෙනවා.
02:27.3
02:33.3
පිපිඤ්ඤා,අල,හාතාවාරිය(asparagus),වට්ටක්කා,යෝගට් වැනි දේ ආහාරයට ගැනීම ගුණදායක වෙනවා.
02:33.4
02:41.1
අධික සීත දේවල් ආහාරයට ගැනීම ආහාර ජීර්ණයට බාධාවක් වෙන්න පුළුවන් නිසා අධික ශීතලෙන් ආහාර ගැනීම සුදුසු වන්නේ නැ.
02:43.2
02:50.4
පිරිසිදු පොල්තෙල්,ආමන්ඩ්,තලතෙල් ආදිය හිසට දමා සාමාන්‍ය සම්භාහනයක් ලබා දීම හිසකෙස් හැලීමට එරෙහිව ගුණදායක වනවා.
02:51.1
02:55.3
මෙම සම්භාහන සිදු කිරීමේ දී තෙල් හොඳින් හිසමත(scalp) රැදෙන ලෙස සිදු කරන්න අවශ්‍ය වෙනවා.
02:55.4
03:02.9
තෙල් ගැල්වීමෙන් පස්සේ කෘතීම ෂැම්පු වර්ග වෙනුවට ආයුර්වේදානුකුලව නිපදවූ ෂැම්පු එකක් භාවිතා කරලා හිස සේදීම සිදු කිරීම සුදුසු වෙනවා.
03:03.8
03:10.4
ඉන්පසු කොණ්ඩය ස්වාභාවිකවම වේලීමට හැකියි. තෙත සහිත කොණ්ඩය පිරනවා අදම ඒ පුරුද්දෙන් මිදෙන්න
03:11.0
03:17.2
කොණ්ඩය සෝදා හැරීමෙන් පසු කුඩා රෙදි කැබැල්ලකින් හිසේ සම රෝස පැහැ වන තෙක් පිසදමන්න.
03:17.3
03:29.1
ඉන්පසු කපු රෙදි කැබැල්ලකින් වතුර බින්දු වැටීම නවතින තෙක් පිසදමන්න. පසුව සම්පුර්ණ වේලීම සඳහා කොණ්ඩය තවත් කපු රෙදි කැබැල්ලකින් ඔතා බැඳ තබන්න.
03:31.0
03:34.3
ඉන්පසු කොණ්ඩය පිරිම ඉතා මෘදුව, දීමකින් තොරව සිද්ද කරන්න ඕනි,
03:36.1
03:46.3
කොණ්ඩය පීරන විට නළලේ සිට මුදුනටත්, එක් කනක සිට අනෙක් කන දක්වාත්, පිටුපස සිට හිස් මුදුන දක්වාත් හිසකෙස් මෘදු වන තෙක් සිදු කරන්න.
03:47.9
03:58.4
හිසකෙස් වැටීම පාලනයට සුදුසු ද්‍රව්‍ය වන නෙල්ලි වැනි දෑ අඩංගු තෙල්,ෂැම්පු,ආලේපන මේ වන විට පවතිනවා.
03:58.5
04:10.0
නෙල්ලි ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරනවා. එය හිස්කබල,හිසකෙස්,සම පිරිසිදු කරනවා වගේම හිසකෙස් ශක්තිමත් පැටලුම් ස්වභාවය නැති කිරීමත් සිදු කරනවා.
04:11.0
04:14.8
සුදුරු බිජ(Fenugreek seeds) හිසකෙස් වැටීම පාලනයට ඉතා හොඳින් ක්‍රියාකරනවා.
04:18.1
04:23.9
එක් රාත්‍රියක් සිසිල් ජලයේ පෙඟ වූ සුදුරු බිජ මේස හැඳි දෙකක පමණ ප්‍රමාණයක් මඟින් පේස්ට් එකක් හදලා,
04:24.0
04:34.4
මේස හන්දක ප්‍රමාණය ලෙමන් හෝ පොල් කිරි එකතු කරලා විනාඩි 20 කාලයක් හිසකෙස් මුල් මත තැබීමට හරින්න.
04:35.2
04:37.8
ඉන්පසු අයුර්වේදනුකුලව නිපදවන ලද ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න.
04:37.9
04:42.7
මෙය භාවිතයට පෙර කන පිටුපස කුඩා ප්‍රමාණයක් ආලේප කර සම මඟින් ප්‍රතික්‍රියාවක් දක්වනවා ද යන්න පරික්ෂා කර බැලීමට හැකියි.
04:44.2
04:53.3
ඉතින් මේ වීඩියෝව වගේම ඉදිරි වීඩියෝ වල දී වඩාත් කළු හා ඝන කොණ්ඩයක් ලබා ගැනීමට සිදු කරන්න ඕනි දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.